Published
හිංසනයට ලක්වන ළමුන් හා කාන්තාවන්ගෙන් සියයට 50කට ආසන්න සංඛ්‍යාවක් පොලීසිය හෝ අදාල ආයතන හෝ වෙනත් බාහිර පාර්ශවයක් වෙත ඒ සම්බන්ධයෙන් හෙලි නොකරන තත්ත්වයක් දක්නට ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින්.
හිංසනයට හෝ ප්‍රචණ්ඩත්වයට පත්වන ළමුන් හා කාන්තාවන් බහුතරයක් තවමත් එම තත්ත්වයන්ට මුහුණ දෙන්නේ තමන්ගේම සමීපතමයින්ගෙන් බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.




