මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) තුෂාර ඉදුනිල් ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා.

නව කොමසාරිස් ජනරාල්වරයා සිය නිල රාජකාරි ආරම්භ කිරිම අද කොළඹ 05, ඇල්විටිගල මාවතේ පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුණා.

නිල රාජකාරි ආරම්භය, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.