පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීම සදහා මන්ත්‍රීවරයා අද පෙරවරුවේ එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා.

ප්‍රකාශය ලබාගැනීමෙන් පසු ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීම පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණා.

එහෙත් එදින ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට නැහැ.

ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් පසුගිය සෙනසුරාදා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවසට ගොස් තිබුණා.

එම අවස්ථාවේ මන්ත්‍රීවරයා නිවසේ සිට නැහැ.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් රවී කරුණානායක මන්ත්‍රීවරයාගේ පාර්ශවයෙන් එදින සදහන් කළේ රවී කරුණානායක මහතා අද දිනයේ අල්ලස් කොමිසම හමුවේ පෙනි සිටින බවයි.

ඒ අනුව අද ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.