Published
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා ඇප මහතා ඇප මත මුදාහරින ලෙස පිලැස්ස මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කළා.
ඒ අනුව සැකකරු රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 2 බැගින් වු ශරීර ඇප 02ක් මත මුදා හරින ලෙසයි පිලැස්ස මහේස්ත්රාත් ඩබ්ලිව්. එම්. එම්. අයි. වාසල මහත්මිය නියෝග කළේ.
ඊට අමතරව ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කළා.
වාහනයක් ලියාපදිංචි කිරීමේදී සිදුව ඇති බව කියන අක්රමිකතාවයක් සම්බන්ධයෙන් මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පසුගිය 27 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.



