රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්‍ෂ මහතාට මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවිම සදහා අවසර හිමිව තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කළ දැනුම්දීමකට අනුවයි.

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය ලිඛිතව දැනුම් දී ඇත්තේ හෙටින් ඇරඹෙන මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට මන්ත්‍රීවරයා සහභාගි කරවන ලෙසයි.

ඒ අනුව විශේෂ ආරක්‍ෂාවක් යටත් මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා එම පාර්ලිමේන්තු සැසිවලට සහභාගි කරවීමට පියවර ගන්නා බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

රක්‍ෂිත බන්ධනාගාරගත කරන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටිනවා.