කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩර 90,000 ක් අද දිනයේදී ද බෙදා හැරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ඊයේ දිනයේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළඳපොළට නිකුත් කළ බවයි ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවේ.

එමෙන්ම මෙට්‍රික් ටොන් 3,9000 ක ගෑස් තොගයක් රැගත් තවත් නෞකාවක් ඊයේ දිනයේදී මෙරටට පැමිණියා.

පසුගිය දිනවල දිවයිනේ ප්‍රදේශ ගණනාවක වෙළඳපළ තුළ ගෑස් හිඟයක් පැවතුණා.

ඒ හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා.

කෙසේවෙතත් වෙළඳපොළේ පවතින ලිට්‍රෝ ගෑස් හිගය හෙට දිනය වන විට සම්පූර්ණයෙන්ම අවසන් වන බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.