Published
පානදුර වලාන ප්රදේශයේ ආයතනයක අද අළුයම හටගත් ගින්නකින් එහි කොටසක් විනාශ වී තිබෙනවා. එලෙස ගිනි ගැනීමකට ලක්ව ඇත්තේ දැව භාණ්ඩ නිර්මාණය කරන ආයතනයක් බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ.
වහා ක්රියාත්මක වූ මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් ගින්න මැඩපැවැත්වූ බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.




