මෙම වසරේ මේ දක්වා කාලය තුළ ශ්රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් තිබෙනවා .
ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 22 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් 1,813,484දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි.
මේ අතර, ඔක්තෝබර් 1 වැනිදා සිට 22 වැනිදා දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 119,805 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.
වසරේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රට ලෙස ඉන්දියාව වාර්තා අතර පෙරමුණේ පසුවනවා .
ඒ අනුව, එම කාලය තුළ ඉන්දීය සංචාරකයින් 482,944 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා .
එක්සත් රාජධානියෙන් සංචාරකයින් 169,405 දෙනෙකු ද, චීනයෙන් සංචාරකයින් 120,980 දෙනෙකු ද, ජර්මනියෙන් සංචාරකයින් 102,920 දෙනෙකු ද මෙරටට පැමිණ තිබෙනවා .
එමෙන්ම, ඔක්තෝබර් මාසයේ පළමු දින 22 තුළ ද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ද ඉන්දියාවෙන් .
එම කාලය තුළ ඉන්දීය සංචාරකයින් 45,530 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සදහන් කළා.


