ව්‍යාජ ලේඛන සකස් කළ සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විමර්ශනයකට අදාළව බොරැල්ල N.M. පෙරේරා මාවත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කළ බවයි පොලීසිය පැවසුවේ.
එහිදී ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ඔප්පු පිටපත් ඇති මුල් ගොනු දෙකක්, ඉඩම්වලට අදාළව සකස් කරන ලද ව්‍යාජ ලිපි ලේඛන, ව්‍යාජව සකස් කරන ලද නිල මුද්‍රා 600ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම මෙම වංචාව සිදුකර ගෙන යාම සදහා යොදාගත් බවට සැක කරන මෝටර් රථයක්, යතුරුපැදියක්, රුපියල් ලක්ෂ 15 ක් ඇතුළු දේපළ රැසක් ද සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.
සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත දෙල්කඳ ප්‍රදේශයේදී මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බොරැල්ල, දික්වැල්ල සහ හොරණ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




