පාදුක්ක වටරැක එළිමහන් සිර කඳවුරේ සුනීත පාසලේ ඉගෙනුම ලැබූ රැඳවුම් භාරයේ සිටින සිසුන් 05 දෙනෙකු ද 2025 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව තිබෙනවා.

ඒ අනුව ඔවුන් උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඔවුන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ රැඳවියන් වෙනුවෙන්ම වෙන්වූ ශ්‍රී ලංකාවේ එකම පාසල වන වටරැක ”සුනීත පාසලේදීමයි.

එම විභාගයෙන් සමත් වු සිසුන් පස් දෙනා මීට වසර තුනකට පමණ ඉහතදී විවිධ සුළු වැරදි සම්බන්ධයෙන් රැදවුම් භාරයට පත් කර තිබෙනවා.