වැල්ලවාය නෙටොලගම ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී විවිධ ප්‍රමාණයන්ගෙන් සකස් කල අයිස් මත්ද්‍රව්‍ය ඇසුරුම් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.