දිනකට හෝ දින කිහිපයකට පෙර මිය ගිය බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අතුරුගිරිය, බොරළුගොඩ ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන තිබෙනවා.

එම නිවසින් දුඟදක් හමන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය කළ සොයා බැලීමකදී මෙම සිරුර සොයාගෙන ඇත්තේ.

මියගිය පුද්ගලයා රත්නායක ආරච්චිලාගේ දොන් ප්‍රීමන් නමැත්තෙකු බවද ඔහු 65 වන වියේ පසුවූවෙකු බවද හදුනාගෙන තිබෙනවා.

ඔහු වෘත්තියෙන් කැමරා ශිල්පියෙකු බවද හදුනාගෙන තිබෙන අතර ඔහු ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායක මහතාගේ බාල සොහොයුරෙකු ද බවයි පැවසෙන්නේ.

සිරුර පිළිබද හදිසි මරණ පරික්‍ෂණය තලංගම හදිසි මරණ පරීක්‍ෂක විසින් සිදුකර තිබෙනවා. එහිදී ප්‍රකාශ වී ඇත්තේ මරණය සැක කටයුතු එකක් නොවන බවයි.