Published
වගා බිම්වලට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැන්වල ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු විදුලි සැර වැදී මියගොස් තිබෙනවා.
එම සිද්ධින් දෙක නිකවැරටිය සහ තෙල්දෙණිය පොලිස් වසම්වලින් වාර්තා වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළා.
නිකවැරටිය, දළුක්ගොල්ල ප්‍රදේශයේදී එලෙස මියගොස් ඇත්තේ ගලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙක්.
තෙල්දෙණිය, හලියද්ද ප්‍රදේශයේදී අනෙක් පුද්ගලයා විදුලි සැර වැදි මියගොස් තිබෙනවා.
ඔහු මැදමහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පුද්ගලයෙක්.
වගාව ආරක්ෂා කිරීම සඳහා පියා විසින් අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙනුයි ඔහු මියගොස් ඇත්තේ.
අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් නිකවැරටිය සහ තෙල්දෙණිය පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.




