Published
කල් දැමූ විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය මසක් ඇතුළත පැවැත්වීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා පවසනවා.
නෙත් නිවුස් කළ විමසීමකදී අධ්‍යාපන ලේකම්වරයා පැවසුවේ එම විභාගයට අදාළව නිකුත් කළ අයදුම්පත්වල පැවති තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විභාග කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගත් බවයි.
විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය හෙට (26) දිනයේ පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණා.



