විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර තිබෙනවා.
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පසුගිය දින දෙකේ දී පැවැත්වුණු අතර, එහිදී පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් එය සම්මත වුණා.
ඊට පක්ෂව ඡන්ද 158ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 63 ක් පමණයි.
ඒ අනුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ එම පනත් කෙටුම්පත සංශෝධන රහිතව වැඩි ඡන්ද 96කින් සම්මත කෙරුණු බවයි.
මේ අතර අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සඳහා ද කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ දිනයේ සිය සහතිකය සටහන් කර තිබෙනවා.
එම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ද පසුගිය දින දෙකේ පැවැත්වුණා.
එහිදී පාර්ලිමේන්තුවේ වැඩි ජන්දයෙන් එම පනත් කෙටුම්පත ද ඊයේ සම්මත වුණා.




