වී අලෙවි මණ්ඩලයට අයත් අම්පාර, දමන, පැරණිගම ප්‍රදේශයේ පිහිටි වී ගබඩාව වෙත අද දිනයේ වී රැගෙන ආ ගොවීන් පීඩාවට පත්ව සිටිනවා.

ඒ, වී මිලදි ගැනීම සදහා එම ගබඩාව සූදානම් කර නොතිබීම හේතුවෙන්.

අද දිනයේ වී රැගෙන එන ලෙසට තමන්ට දැනුම් දී තිබූ බවයි ගොවීන් නෙත් නිවුස් වෙත පැවසුවේ.

තමන් මුහුණු දුන් සිද්ධිය සම්බන්ධයෙන් එම ගොවීන් කෘෂිකර්ම අමාත්‍යවරයාට චෝදනා කළා.

ඒ, වත්මන් රජය ගොවියා පිළිබද කිසිදු තැකීමක් ද සිදු නොකරන බව පවසමින්.

එමෙන්ම සිය අස්වනු මිලදී ගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙසට එම ගොවීන් විෂයභාර අමාත්‍යවරයාගෙන් මෙහිදි ඉල්ලීමක් ද කළා.