වී මිලට නිසි මිලක් ලබාදෙන්නැයි ඉල්ලා ගොවීන් මෙන්ම ඇතැම් පාර්ශව තවදුරටත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ඒ සම්බන්ධයෙන් තවත් විරෝධතාවක් ඊයේ රාත්‍රියේ අනුරාධපුර නව නගර බස් නැවතුම්පොල අසලදී පැවැත්වූණා.

ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වුයේ පන්දම්ද රැගෙනයි.

මේ අතර වී මිල කඩා වැටීමට හේතුව රජය අනවශ්‍ය ලෙස සහල් ආනයනය කිරීම බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පවසනවා. මෙලෙස සහල් ආනයනය කිරීමෙන් රජය රුපියල් බිලියන 10ක පමණ අතිරේක ආදායමක්ද උපයාගෙන තිබෙන බවයි ඔහු පැවසුවේ.

කෙසේවෙතත් ගොවීන් පිළිබද සළකා වී වෙනුවෙන් කිලෝග්‍රෑම් එකකට රුපියල් 120ක මිලක් ලබාදීමට සහල් නිෂ්පාදකයින් සූදානම් බවද එහෙත් එලෙස සිදුකළ හැක්කේ කොන්දේසියකට යටත්ව බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.