සිය නිවස තුළදී වෙඩි තබාගෙන මියගිය හිටපු පොලිස්පතිවරයෙකු වූ සී ඩී වික්රමරත්න මහතාගේ මෘත දේහය මේ වනවිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවකට රැගෙන විත් තිබෙනවා.
ඒ අනුව හෙට (19) සිට ඒ මහතාගේ දේහයට මහජන ගෞරව දැක්විය හැකි බවයි පොලීසිය පැවසුවේ.
සී ඩී වික්රමරත්න මහතාගේ අවසන් කටයුතු ලබන සදුදා සිදුකිරීමට නියමිතයි.
හිටපු පොලිස්පති සී ඩී වික්රමරත්න මහතා ඊයේ සිය පෞද්ගලික ආරක්ෂකයාගේ ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
මරණය සම්බන්ධයෙන් වන පරීක්ෂණ බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ මාලබේ පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබනවා.
සී ඩි වික්රමරත්න මහතා මෙලෙස දිවි හානිකර ගෙන ඇත්තේ ඔහුගේ පුත්රයෙකුගේ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ඇති වූ තැතිගැන්මක් නිසා බවට තොරතුරු ලැබී තිබෙනවා.
ප්රශ්නගත නඩු කටයුත්ත පෞද්ගලික කාරණාවක් සම්බන්ධයෙන් බවයි වැඩිදුරටත් කියවුණේ.
වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර තිබූ සී.ඩී. වික්රමරත්න මහතා මෙරට 35වැනි පොලිස්පතිවරයායි.




