ආසියානු පැරා ක්රීඩා උළෙලේ S9 සමනල ආර පිහිනුම් මීටර් 100 පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකාවේ නවීඩ් රහීම්අද (ඔක්තෝබර් 22) සමත් වුණා.
ඔහු මෙම පදක්කම දිනා ගත්තේ තරගය විනාඩි 1යි තත්පර 3 දශම 2යි 9ක කාලයකින් නිමා කරමින්.
මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට චීන ක්රීඩක ෂීයි ශීලී සමත් වුණා.
ඒ තරගය විනාඩි එකයි තත්පර 2යි දශම 0යි 2ක කාලයකින් නිමා කරමින්.
ඒ අනුව ශ්රී ලංකාවේ නවීඩ් රහීම් රන් පදක්කම ගිලිහී ගියේ තත්පරයයි දශම 2යි 7ක ඉතාම සුළු කාල පරතරයකින් පමණයි.
ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ජපාන ක්රීඩක ටයියෝ කවබූචි සමත් වුණා.
ඔහු තරගය නිමා කළේ විනාඩි 1යි තත්පර 2යි දශම 9යි 9ක කාලයකින්.
ඒ අනුව ඔහු සහ ශ්රී ලංකාවේ නවීඩ් රහීම් අතර කාල පරතරය වුණේ තත්පර දශම 3ක් පමණයි.
ආසියානු පැරා ක්රීඩා උළෙල ජපානයේ අයිචි නගෝයාහී දී පැවැත්වෙනවා.
මෙවර මෙම ක්රීඩා උළෙල සංවිධාන වන්නේ 5වන වරටයි.
සමස්ත පදක්කම් සටහනේ ශ්රී ලංකාව මේ වන විට මුළු පදක්කම් 6ක් දිනාගෙන සිටිනවා.
ඒ රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 3ක් වශයෙන්.



