සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ  පළමු ඉනිම ක්‍රීඩා කළ  ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 290කට රැස් කළා.

එහිදි  ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා  කිරීමට සොනාල් දිනූෂ  සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවයද ආරක්ෂා කර ගනිමින්.

පන්දු 162කට මුහුණ දුන් සොනාල් ලකුණු 103ක් රැස් කලේ හතරේ පහර 08ක් සහ හයේ පහර 03ක්ද සමගින්.

සොනාල් දිනූෂ මෙහිදී රැස් කළේ සිය දෙවන ටෙස්ට් ශතකයයි.

ඉන්දියාව සමග ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදීද ශතකයක් වාර්තා කිරීමට ඔහු සමත් වුණා.

එමෙන්ම දෙවෙනි ඉනිමේදීද සටන්කාමී පිතිහරඹයක නිරත වෙමින්  ලකුණු          84ක් වාර්තා කිරීමට ඔහු සමත් වුණා.

මේ අතර මෙම තරගයේදී  සොනාල්ට අමතරව  ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් පසිදු සූරිය බණ්ඩාර ලකුණු 80ක් රැස් කලා.

කමිදු මෙන්ඩිස් ලකුණු 32යි.

සෙසු ශ්‍රී ලංකා පිතිකරුවන්ට වැඩි ලකුණු සංඛාවක් රැස් කිරීමට හැකි වුණේ නැහැ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියළු දෙනා දැවී රැස් කළේ ලකුණු 290ක් පමණයි.

මෙම තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ඉන්දිය කණ්ඩායම කඩුලු නවයකට ලකුණු පන්සිය තුනක් රැස් කළා.