ඊයේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත මුදාහැරි පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත ද පැමිණිලි කරන බවයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂා කිරීමේ කටයුතු ලබන 20 වනදා සිට 25 වනදා දක්වා සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් 10 වනදාට පෙර නිකුත් කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන්නේ.