Published
ඊයේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු ලබන 20 වනදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එම ඇගයීම් කටයුතු ලබන 25 වනදා දක්වා සිදු කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් 10 වනදාට පෙර නිකුත් කිරීමට පියවර ගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 2,723කදී ඊයේ පැවැත්වුණා.
ඒ සඳහා අයදුම්කරුවන් දෙලක්ෂ 94,089 දෙනෙකු සුදුසුකම් ලබා සිටියා.




