අධිබලැති විදුලි රැහැන් අසල සරුංගල් යැවීමෙන් වළකින ලෙස වෛද්‍යවරුන් එම පිරිස්වලින් යළි ඉල්ලීමක් කරනවා.
එම ස්ථාන අසල සරුංගල් යැවීමෙන් අනතුරට ලක්ව රෝහල් ගතකරන ළමුන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා පැවසුවේ.
"වාර්තා වෙන්න ගත්තා මේ සරුංගල් ආශ්‍රිතව විදුලි සැර වැදීම නිසා ගැඹුරු පිළිස්සුම් තුවාල සහිතව ඇතුළත් වෙන රෝගීන්ගේ ප්‍රවණතාවයක්. පහුගිය කාලයේ ජාතික රෝහලේ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝගීන් කීපදෙනෙක් හිටියා බරපතල ගණයේ ගැඹුරු පිළිස්සුම් තුවාල සහිතව. ඉතින් ප්‍රශ්නය වෙන්නේ බොහෝ වේලාවට අපි ගන්න නූල් වල තෙතමනය රැඳුණොත්, එහෙම නැත්නම් ඒ නූල් වලට සමහර අවස්ථාවල අපි දකිනවා ලෝහ කෙඳි වගේ ඒවා කලවම් කරලා හදපු නූල් තියෙනවා, ඒවා සන්නායක විදියට ක්‍රියා කරනවා. මේවා ගිහිල්ලා අධිබල විදුලි රැහැන් වල ගැටුණහාම ඒ නූල හරහා ළමයාට ඉතාම අධික විදුලි ධාරාවක් භූගත වෙනවා. අත හරහා ඇඟ දිගේ ගිහිල්ලා කකුලට... අත තියෙන, අතේ අස්ථියේ ඉඳලා ඒ වටේ තියෙන සියලුම පටක, රුධිර රුධිර වාහිනී, ස්නායු මේවා ඔක්කොම පිළිස්සිලා යනවා. පිටත ගිනි ගැනීමකුත් ඇති වුණොත් පිටතත් ඉතාමත් පිළිස්සෙන්න පුළුවන්. අභ්‍යන්තර පිළිස්සුම් තුවාල ඉතාම බරපතලයි. බොහෝ වේලාවට ඒවා ආපසු නැවත සකස් කරන්න බැහැ. ඒ කොටස අයින් කරන්න වෙනවා ශල්‍යකර්මයකින්. ඒ තත්ත්වයේ බයංකරත්වය දුර ඉඳලා අඳුරගෙන අපි දෙමව්පියන් දැනුවත් කිරීමට කටයුතු කරා. ඉතින් ඔබගේ දරුවාත් ලීමානයේ සරුංගල් යවනවා නම්, අපි කියන්නේ නැහැ සරුංගල් යවන්න එපා කියලා, සරුංගල් යවන එක හොඳ ක්‍රීඩාවක්, නමුත් ආරක්ෂිත තැනක, විශේෂයෙන්ම අධිබල විදුලි රැහැන් වලින් ඉතාම ඈතට ගිහිල්ලා මේ කටයුත්තේ යෙදෙන්න සහ ඒක වැඩිහිටි කවුරුහරි පුද්ගලයෙක්ගේ අධීක්ෂණය යටතේ කරනවා නම් තමයි වඩා..."




