සිර දඩුවම් නියම වූ සිවිල් ගුවන් සේවා හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා වැලිකඩ බන්ධනාගාරයේ රැදවීමට තීරණය කර තිබෙනවා.
ඒ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින්.
හිටපු අමාත්‍යවරයාට වසර 14ක බරපතල වැඩ සහිත සිරදඩුවම් අද නියම කෙරුණා.
ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා දුන් නියෝගයකට අනුවයි.
අල්ලස් කොමිසම ඔහුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබුණේ 2014 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින පෙළපාලියට ආ දේශපාලන ආධාරකරුවන්ට දිවා ආහාරය සැපයීම සදහා රජයේ ආයතනයක් වන ශ්‍රී ලංකා කේටරින් ආයතනයෙන් මුදල් යෙදවීමට එහි ප්‍රධාන විධායක නිලධාරිවරයාට බලපෑම් කිරීමේ චෝදනාව යටතේයි.
මෙම සිද්ධියට අදාළව ඔහුට එරෙහිව අධිචෝදනා දෙකක් ගොනුකර තිබූ අතර පියංකර ජයරත්න මහතා එම චෝදනා දෙකටම වැරදිකරුවන් බවයි නියෝගයේ සදහන් වන්නේ.
එක් එක් චෝදනාවට වසර 7 බැගින් සිරදඩුවම් නියම කෙරුණා.
කෙසේවෙතත් මෙම සිරදඩුවම එකවර ගෙවී යන පරිදි නියම කරන බවයි නියෝගයේ වැඩිදුරටත් සදහන් වන්නේ.
මීට අමතරව රුපියල් ලක්ෂ දෙකක දඩයක්ද හිටපු අමාත්‍යවරයාට නියම කෙරුණා.




