පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කළ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සිය උපවාසය අවසන් කර තිබෙනවා.

ඒ ඔහුගේ නීතිඥවරුන්ගේ උපදෙස් මතයි.

උපවාසය ආරම්භ කිරීමෙන් අනතුරුව ශරීර සෞඛ්‍ය දැඩි ලෙස පිරිහීම හේතුවෙන් පසුගියදා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණා.

ඒ අනුව මේ වනවිටත් සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.