හලාවත, - අඹකදවිල ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා
අත්අඩංගුවට ගෙන ඇති විදේශීය ජාතිකයින් අතර චීන ජාතික පිරිමි පුද්ගලයන් 129 ක්, චීන කාන්තාවන් 06 ක්, වියට්නාම ජාතික පිරිමි 10 ක්, කාන්තාවන් 03 ක්, තායිවාන් ජාතික කාන්තාවක් සහ මැලේසියානු ජාතික පිරිමි පුද්ගලයෙකු අයත්.
ඔවුන් සතුව තිබී ඩෙක්ස්ටොප් පරිගණක 99 ක්, ලැප්ටොප් 26 ක්, ජංගම දුරකතන 259 ක්ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
මෙම විදේශිකයන් පිරිස මාසයකට පමණ පෙර හලාවත - අඹකදවිල ප්‍රදේශයේ පිහිටි මෙම සංචාරක හෝටලයට පැමිණ ලැගුම් ගෙන ඇති බවයි වාර්තා වුණේ.
ඔවුන් සම්බන්ධයෙන් පළමු තොරතුරු අනාවරණ කර ගත් පොලිස් බුද්ධි අංශ නිලධාරීන් විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාරත්මේන්තුව දැනුවත් කර තිබෙනවා.
මෙම පිරිස හෝටලයේ රැදී සිටිමින් පරිගණක අපරාධ සිදු කරන්නට ඇති බවට පොලීසිය සැක කරනවා.
ඒ අනුව අත්අඩංගුවට ගත් එම පිරිස හෝටලය තුළ රදවාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි පොලීසිය පැවසුවේ.




