මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්වරුන් විසින් සිදුකළ සොරකම සම්බන්ධයෙන්
අභ්‍යන්තර මූලික පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් මේ වනවිටත් විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.