උපතේ සිට අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩවල සිටින ළමුන් සහ නව යෝවුන් වියේ පසුවන දරුවන්ගෙන් වසරකට 900ත් -1,000ත් අතර සංඛ්‍යාවක් පිළිකා රෝගීන් මෙරටින් වාර්තාවන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂ්‍ය, වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පවසනවා.
වැඩි වශයෙන් හඳුනාගැනීමට ලක්ව ඇත්තේ ලේ පිළිකාව නොහොත් ලිව්කේමියාව, වසා ග්‍රන්ථි ආශ්රිත පිළිකා බවයි ඔහු පැවසුවේ.
"උපතේ සිට අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩයේ දරුවන් අතර වාර්තා වන පිළිකා, ළමා සහ නව යොවුන් වියේ පිළිකා හැටියට හඳුන්වනු ලබනවා. සාමාන්‍යයෙන් වසරකට ළමා පිළිකා රෝගීන් 900ක් 1000ක් අතර ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේ වාර්තා ලැබෙන්නේ දිවයින පුරා මහරගම ජාතික පිළිකා ආයතනයෙන්, අපේක්ෂා රෝහලෙන් තමයි ප්‍රධාන වශයෙන්ම ළමා පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන්නේ, එම රෝහල සහ අනිත් පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලටත්, ඒ වගේම රෝගය හඳුනාගන්නා රෝහල් වලිනුත් ලබාගන්නා වාර්තා පදනම් කරගෙන ජාතික පිළිකා ලේඛනය ප්‍රකාශයට පත් කරනවා. ජාතික පිළිකා ලේඛනයේ දත්ත අනුව තමයි අපි ප්‍රකාශයට පත් කරනු ලබන්නේ, වසරකට අලුතෙන් ළමා පිළිකා රෝගීන් 900ක් 1000ක් අතර වාර්තා වෙනවා කියලා. "මොනවාද ළමා පිළිකා අතර බහුලව වාර්තා වන ළමා පිළිකා වර්ග? අපිට සඳහන් කරන්න පුළුවන් ලේ පිළිකාව කියලා සරලව හඳුන්වන ලියුකේමියාව, ඒ වගේම වසා ගන්ථි ආශ්රිත පිළිකාව හැටියට හඳුන්වන ලිම්ෆෝමාව, ඊළඟට මොළය ආශ්රිත පිළිකාව, අස්ථි ආශ්රිත පිළිකාව සහ ඇස ආශ්රිත පිළිකා තමයි සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් ළමුන් සහ නව යොවුන් වියේ දරුවන් අතර ප්‍රධාන වශයෙන් වාර්තා වෙන පිළිකා හැටියට සඳහන් කරන්න පුළුවන්. මේ හැම ළමා පිළිකා රෝගයක්ම කල් ඇතුව හඳුනාගෙන, රෝග නිශ්චය කරලා, නිසි ප්‍රතිකාර වලට යොමු වුණොත්, යොමු වෙලා සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රමයත්, ඒ වගේම පසු විපරම් වලටත් සම්බන්ධ වුණොත්, සුව කර ගැනීමේ හැකියාව බොහෝ තියෙනවා. විශේෂයෙන් දියුණු වෙච්ච රටවල් 95%කටත් වඩා වැඩි ප්‍රමාණයක් සුවය ලබා වාර්තා වුණු දරුවන්ගේ සුවය ලබාගෙන වාර්තා වෙලා තියෙනවා."




