Published
හික්කඩුව, නාරිගම වෙරළ තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතිකයෙකු දිය වැළකට හසුව ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දියේ ගිලුණු විදේශිකයා ප්රදේශවාසීන් විසින් ගොඩට රැගෙන විත් බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 71ක් වූ ජර්මන් ජාතිකයෙක්.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.


