රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා නුවරඑලියේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, නුවරඑළිය පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
බලපත්‍රයක් නොමැති පිස්තෝලයක් සමග ඔහු එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
ඔහු පවුලේ ඥාතීන් සමග නුවරඑලිය ප්‍රදේශයට පැමිණ ඇති බවත් අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිට පැමිණි තවත් පිරිසක් සමග බහින් බස්වීමක් දුරදිග යාමෙන් පසු ප්‍රේමලාල් ජයසේකර මහතා සිය අතැති පිස්තෝලය පෙන්වා එම පිරිසට තර්ජනය කල බවට නුවරඑලිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර මහතා අදාළ පිස්තෝලය සමග අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
ඔහු සතුව තිබි සිය භාරයට ගත් පිස්තෝලයට ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ බලපත්‍රය 2025 වසරෙන් කල් ඉකුත් වී ඇති බවද පොලීසිය පැවසුවා.
අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.




