නවතම හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග 3 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ, පිලිබද ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් අද (10) ප්‍රකාශයට පත් කළා.

ඔහු ශ්‍රේණිගත ලකුණු 1,324ක් හිමි කරගෙන තිබෙනවා.

නවතම හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම් අනුව පෙරමුණේ පසු වන්නේ ජර්මනි ක්‍රීඩකයෙක්.

ඔහු ශ්‍රේණිගත ලකුණු 1,360ක් හිමි කරගෙන සිටිනවා.