නෙත් එෆ් එම් රේඩියෝව හා ලංකා බැංකුව එක්ව සංවිධානය කරන NETH - BOC You’re A Leader 51 වන වැඩසටහන දෙවන දිනටත් මේ වනවිට ඇඹිලිපිටිය ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වෙනවා.

NETH - BOC You’re A Leader වැඩසටහනට සුදුසුකම් ලැබූ එම පාසලේ සිසුන් පිරිස මහත් ඕනෑකමින් තවදුරටත් විවිධ වැඩසටහන්වල නිරතව සිටින බවයි එහි සිටින නෙත් නිවුස් නියෝජිතයන් පැවසුවේ.

ඊයේ දිනයේ සිට මේ දක්වා කාලය තුළ ද තමන් සුවිශේෂි බොහෝ අත්දැකීම් ලැබූ බව එම වැඩසටහනට එක්ව සිටින සිසු සිසුවියන් පැවසුවා.

ඒ අතරින් සිසුවියන් දෙදෙනෙකු තමන් මෙතෙක් ලැබූ අත්දැකීම් පිළිබද නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.

''ආයුබෝවන්  හැමෝටම. 'You Are Leader' වැඩසටහන අරගෙන ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලයට නෙත් FM, BOC එකේ ඇවිල්ලා ඉන්නවා සර්ලා, මිස්ලා හැමෝම. ඉතින් අපිට ඒ වැඩේ සාර්ථකව කරන්න ඒගොල්ලෝ බෙහෙවින්ම උදව් කරා. මං ඒ ගැන මතක් කරොත්, මටත් හිතුනේ මේකට එන්න නෙමෙයි, පන්ති තියෙන හින්දා මටත් එන්න හිතුනේ නැහැ. නිකම්ම නිකම් වැඩසටහනක් කියලා තමයි හිතුවේ. ඒ වුණාට මේකට ආවට පස්සේ නායකයෙක් කියන්නේ කොහොමද, නායකයා වැඩ කරන්නේ කොහොමද, ඒ විදිහට අපිට හරියට වෙලාවට වැඩ කරන්න, නිවැරදිව අපේ නෙත් FM එකේ සර්ලා මිස්ලා හැමෝම කියලා දුන්නා. BOC එකෙන් අපිට ප්‍රශ්න අහලා තරඟෙකින් තෑගිත් දුන්නා. ඉතින් මාත් ඒකෙන් ජයග්‍රහණය කරා. අපිට තෑගි දුන්නා, ඒ වගේම නෙත් FM එකෙන් අපිට ගොඩාක් දේවල් කියලා දුන්නා. මෙච්චර දවස් මහන්සි වෙලා, කැපවෙලා ඇවිල්ලා තියෙන්නේ අපේ වෙනුවෙන්. ඉතින් මං ඒ වෙනුවෙන් නෙත් FM එකේ සර්ලා, මිස්ලාටයි, BOC එකේ සර්ලා, මිස්ලාටයි බෙහෙවින්ම ස්තූතියි!

''ආයුබෝවන් ඔබ සියලු දෙනාටම! අපි ඇත්තටම නායකත්ව කඳවුරක් කියන්නේ මොකක්ද කියලා මම අහලා තිබුණා. අපේ ඉස්කෝලේ අයියලා, అక్కලා නායකත්ව කඳවුරු වලට සහභාගී වෙනවා දැකලා තිබුණා. හැබැයි නායකත්ව කඳවුරකට සහභාගී වෙච්ච මගේ පළවෙනි අවස්ථාව තමයි මේක. ඇත්තටම කියන්න කැමතියි, මම මේ ඉස්කෝලෙට ඇවිල්ලා 1 වසරේ ඉඳලා 9 වසර වෙනකන් ඉගෙනුම ලබනවා. අපිට මේ ඉස්කෝලෙන් ගොඩක් අත්දැකීම් ලැබිලා තියෙනවා. ඒ අතරින් ලැබුණු සුවිශේෂී අත්දැකීමක් තමයි මේ නායකත්ව කඳවුර කියලා කියන්නේ. අපිට මේකෙන් නායකයෙක් කියන්නේ කවුද, නායකයෙක් විදිහට වැඩ කරද්දී අපි වැඩ කරන්න ඕනේ කොහොමද, ටීම් එකක් එක්ක වැඩ කරද්දී අපේ ගෝල් එකට යන්නේ කොහොමද, ඒ අතරදී අපිට ගැටලුකාරී අවස්ථාවන් අපි ඒවා විසඳගන්නේ කොහොමද, මේ වගේ ගොඩක් දේවල් අපිට මේ සර්ලා, මිස්ලා කියන්න දුන්නා. මේ වගේ වැඩසටහන් ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියලා ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරමින් සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා!''

NETH - BOC You’re A Leader 51 වන වැඩසටහන අද දෙවන දිනට අවසන් වන්නේ රාත්‍රී ගිනි මැල සංදර්ශනයකින්.

හෙට දවස පුරාද විශේෂ වැඩසටහන් රැසක් පැවැත්වෙන අතර එය සමාප්තියට පත් වන්නේ හෙට රාත්‍රීයෙන්.

දින තුනක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන සදහා පූර්ණ අනුග්‍රහය ලබාදෙන්නේ ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුවයි.

එමෙන්ම NETH - BOC You’re A Leader 51 වන වැඩසටහනට ඇඹිලිපිටිය ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සංවිධාන ශක්තිය ලබාදෙනවා.