යක්කල පොලිස් වසමේ සිදුකළ වැටලීමකදී අත්බෝම්බ 02ක් සහ පතරොම් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.

ඒ අනුව සැකකරු සන්තකයේ තිබී අත්බෝම්බ දෙකකට අමතරව පිස්තෝල පතරොම් 32 ක්, එම් 16 අවියේ පතරොම් ගැබක්, එම පතරොම් 11 ක් සහ රිවෝලවර් පතරොම් 06 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

එමෙන්ම තීරු බදු රහිතව මෙරටට රැගෙන එන ලද දුම්වැටි 34,000ක් පමණද එහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.