ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

නිෂ්පාදන පිරිවැය ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් පදනම් කරගනිමින් මෙම මිල සංශෝධනය සිදු කිරීමට පියවර ගත් බව එම සංගමය පැවසුවේ.

මේ අතර ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් පසුගිය 29 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ගණන් ඉහළ දැමුවා. තිරිගු පිටි කිලෝවක මිල ගණන් අවම වශයෙන් රුපියල් 17කින් ඉහළ දැමීමටයි එම සමාගම් පියවර ගත්තේ.