Published
අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් වාහන සඳහා ූඍ ක්‍රමය ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසනවා.
ඔහු පැවසුවේ පෙර පැවති ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රියේ සිට යළි සක්‍රීය වන බවයි.
උත්සව සමය හේතුවෙන් පසුගිය 11 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට අද දිනය දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී QR ක්‍රමය සැලකිල්ලට නොගැනීමටයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබුණේ.




