Published
හැටන්, ෂැනන් ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, හැටන් පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් පිරිසක් කළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.




