අපරාධ රාජ්‍යයක් ගොඩ නැගීම සදහා පෙරපැවති රජයන් සමයේ ඇතමුන් කටයුතු කළ ආකාරය පිළිබද මේ වනවිට තොරතුරු හෙළිවෙමින් ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
එම සිද්ධීන් පිළිබද මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාගෙන් අල්ලස් ලබාගත් ගත් සිද්ධියකට ඊයේ අත්අඩංගුවටගත් චරිත් අබේසිංහ, නීතීඥ රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
එම සිද්ධිය ද පාදක කර ගනිමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙම අදහස් පළ කළා.
රට තුළ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතාල ක්‍රියා ඇතුළු විවිධ අපරාධ නතර කිරීම සදහා සියළු ජනතාවගේ සහාය අවශ්‍ය බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.
අදට යෙදි ඇති මත්ද්‍රව්‍ය භාවිතයට සහ ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව, ” රටම එකට ” ජාතික මෙහෙයුම යටතේ කොළඹ පැවති පාගමනකට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙම අදහස් පළ කළා.



