තණමල්විල, උඩවලව මාර්ගයේ ආසිරි බේකරිය අසලදි මෝටර්  රථයක්   තුල සිටි  වයස අවුරුදු 14 ක  දැරියකගේ ගෙලබැදි  පවුම් 02 ක රන් මාලයක් හා පෙන්ඩනයක් කොල්ලකා පලායමින් සිටි සැකකරුවන් දෙදෙදෙනකුගෙන් එක් අයෙකු අල්ලා ගෙන තිබෙනවා.

ඒ, ප්‍රදේශවාසින් හා තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරින් විසින්.

ඔහු  සන්තකයේ තිබී කොල්ලකන ලද  රන් භාණ්ඩ ද සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.

එමෙන්ම අදාළ කොල්ල කෑම සදහා යොදා ගත් යතුරු පැදිය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ  අනුරාධපුර, ගල්කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තඹුත්තේගම, අනුරාධපුර, කෑගල්ල,සෙවනගල සහ  ඇඹිලිපිටිය යන ප්ප්‍ප්රදේශවල  අපරාධ රැසක් ඔහු විසින්  සිදුකර ඇති බව අනාවරණ වී තිබෙනවා.

 

කෙසේවෙතත් ඔහු සමග සිටි අනෙක් සැකකරු පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.