Published
අමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි ප්‍රහාරයකින් දරුවන් අටදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 1 සිට 14 දක්වා වයස් කාණ්ඩවල පසුවන්නන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 10 දෙනෙකුට වෙඩිවැදී තිබෙනවා.
වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා වාහනයකින් පලායාමට උත්සාහ කිරීමේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඔහු වෙඩිවැදුණු දරුවන් කිහිපදෙනෙකුගේ ඥාතියෙකු බවටයි වාර්තා වන්නේ. පවුල් ආරවුලක් දුරදිග යාමෙන් එම වෙඩිතැබීම සිදුකර ඇති බව එරට පොලීසිය පවසනවා.




