අවුරුදු සමයේ සිදුවූ මාර්ග අනතුරුවලින් සහ දියේ ගිලීම්වලින් මේ වන විට පුද්ගලයින් 69 දෙනෙකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

අප්‍රේල් මස 10 වැනිදා සිට 15 වෙනිදා දක්වා කාලයේදී මෙරට විවිධ ප්‍රදේශවල මාර්ග අනතුරු 42 ක් සිදුව තිබෙන බවත් එම අනතුරුවලින් මේ වනවිට පුද්ගලයින් 44 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ එෆ් යූ වුට්ලර් මහතා පැවසුවා.

යතුරුපැදි අනතුරු 16 ක් මෝටර් රථ අනතුරු හතරක් වෑන් රථ අනතුරු හතරක්, කැබ් රථ අනතුරු දෙකක් සහ පාපැදි අනතුරු දෙකක් ඊට ඇතුළත්.

එමෙන්ම පසුගිය අප්‍රේල් මස 12 වෙනිදා සිට 16 දක්වා කාලයේදී දියේ ගිලීම්වලින් පුද්ගලයන් 24 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ එෆ් යූ වුට්ලර් මහතා පැවසුවා.