ගල් අඟුරු ගණුදෙනු සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල කරන විපක්ෂයේ කණ්ඩායම් දැන් කළ යුත්තේ එම ගනුදෙනු සම්බන්ධයෙන් ඇති චෝදනා සහ පැමිණිළි, පත් කර ඇති ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කිරීම බව අමාත්‍ය ධම්මික පටබැදි මහතා පවසනවා.

කුමාර ජයකොඩි මහතා බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත්වීම ප්‍රමාණවත් නොමැති බවත් ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතු බවටත් සමගි ජන බලවේගය සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා.