විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කිරීමට ආණ්ඩුව උත්සහ දරන්නේ නඩු කටයුතු ඉක්මනින් අවසන් කිරීමට යැයි අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බැවින් ඒ සදහා ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන්නැයි තමා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ද ආරාධනා කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ, විපක්ෂයේ පක්ෂ නායකයින් සමග ඊයේ පැවති සාකච්ඡාවේදීයී.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසුවේ මේ සදහා තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ආණ්ඩුවට යෝජනා කිරීමට තමා සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දුන් බවයි.


එම සාකච්ඡාවෙන් පසු විපක්‍ෂයේ නියෝජිතයන් පිරිසක් අදහස් පළ කළා.

අධිකරණ ක්ෂේත්‍රය මුහුණ පා ඇති අර්බුදවලට විසදුම් ලබාදීමට ආණ්ඩුවට බල කිරීම සඳහා වන ඉදිරි කටයුතු සිදුකිරීම වෙනුවෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වුණා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධනත්වයෙන් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදීයී.