කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතාට එරෙහිව අද අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ, නව ජනතා පෙරමුණ විසින්.

වසර 15කට ආසන්න කාලයක් තිස්සේ රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් අමාත්‍යවරයා මාදිවෙල පාර්ලිමේන්තු නිවාස සංකීර්ණයේ නිවසක පදිංචි වී ඇති බවට චෝදනා  කරමින්  එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

කේ ඩී ලාල්කාන්ත මහතා 2001 දෙසැම්බර් මස 19 සිට 2010 පෙබරවාරි 9 දින දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් ලෙස කටයුතු කර ඇති බව නව ජනතා පෙරමුණ පවසනවා.

එහෙත් මන්ත්‍රී ධුරය නොදැරූ 2010 වසරේ සිට 2024 වසර තෙක්ම ඔහු අනීතිකව අදාළ නිවසේ රැදී සිට ඇති බව නව ජනතා පෙරමුණ සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර තිබෙනවා.