රුපියල් කෝටි 110ට වැඩි වටිනාකමකින් යුතු " කුෂ්" සහ "හෑෂ් " මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකික චීවරධාරීන් 22 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද බුද්ධි තොරතුරකට අනුව ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් කළා මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගැනුනේ.
ඔවුන් රැගෙන ආ ගමන් මලු තුළ පාසැල් උපකරණ සහ විවිධ රසකැවිළි සමග ව්‍යාජ පතුල් සකස් කර ඒවායේ මත්ද්‍රව්‍ය සගවා තිබුණා.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝ ග්‍රෑම් 110 කට වැඩියි.
කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ වරකදී අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ද මෙය බව පැවසෙනෙවා. මෙවැනි චීවරධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය තොගයක් සමග ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව ද මෙය බවයි පැවසෙන්නේ.
චීවරධාරීන් පිරිස තායිලන්තයේ සිට පැමිණ තිබෙනවා.
ඔවුන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල පදිංචි සහ විවිධ ආයතන වල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින පිරිසක් බවයි ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.
ඉකුත් 22 දින මෙම චීවරධාරීන් පිරිස අනුග්‍රහකයෙකු විසින් ලබා දුන් ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මත තායිලන්තය බලා ගොස් තිබෙනවා.
තායිලන්තයේදී ඔවුන් ගිහි වෙස් ගෙන විවිධ ක්‍රියාකාරකම් වල නිරත වී සිටින ජායාරූප සහ වීඩීයෝ දර්ශන ද ඔවුන්ගේ ජංගම දුරකථන තුළ පටිගත වී තිබියදී හමුවූ බවයි විමර්ශකයන් පවසන්නේ.
මේ අතර තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ ජාවාරම් පිළිබද නෙත් නිව්ස් සහ නෙත් බැලුම්ගල අවස්ථා ගණනාවකදී අනාවරණ කර තිබෙනවා.
නෙත් බැලුම්ගල වරක් අනාවරණ කළේ මෙම ජාවාරම සදහා ඉන්දියාවේ සිට ද කිහිපදෙනෙකු විසින් මෙහෙයවනු ලබන බවයි.
ව්‍යාපරිකයෙකු ලෙසද පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් කුප්‍රකට තැනැත්තෙකු සහ කලක් ජනප්‍රියව සිටි උපකාරක පන්ති ගුරුවරයෙකු ද ජාවාරම පිටිපස සිටන බව නෙත් බැලුම්ගල අනාවරණ කළා.
ශ්‍රී ලාංකිකයන් මෙන්ම විදේශීකයන් ද ජාවාරමට සම්බන්ධ බවටයි නෙත් බැලුම්ගල සාක්ෂි ද ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ. කෙසේවෙතත්, තවදුරටත් දිගින් දිගටම ජාවාරම සිදුවෙමින් තිබෙනවා.




