Published
මෙරටට ඉන්ධන ලබා ගැනීම සඳහා තවත් ඇනවුම් කිහිපයක් ලබා දී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඔහු කියා සිටියේ එම ඇනවුම් අතරින් ඉන්ධන නැව් කිහිපයක් එළැඹෙන අප්‍රේල් මාසයේදී මෙරටට ලැබීමට නියමිත බවයි.
එමෙන්ම රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.
රුසියාවේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදී මෙරටට පැමිණිමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළා.




