ශ්‍රි ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සංචාරක ඉන්දීය කණ්ඩායම පස්වරු 1 පමණ වනවිට පෙර කඩුලු 7 ක් දැවී ලකුණු 433 ක් රැස්කර ගෙන සිටියා.
ඉන්දීය ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දේවදත් පඩික්කාල් ලකුණු 117 ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දුවට පහරදෙමින් සිටියදී ආබාධයකට ලක්වූ රිෂාබ් පාන්ට් නැවත පිටියට පැමිණ වේගවත් අර්ධ ශතකයක් වාර්තා කරමින් ලකුණු 63 ක් රැස්කළ අතර, දෲව් ජුරෙල් ද ලකුණු 66ක් රැස් කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළා.
නායක ශුබ්මන් ගිල් ලකුණු 50 ක් සහ යශස්වි ජයිස්වාල් ලකුණු 45 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 4 ක් සහ කේෂර නුවන්ත කඩුළු 2ක් සහ ලහිරු කුමාර එක් කඩුල්ලක් දවාගෙන සිටිනවා.
කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය අදයි.




