Published
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණවලදී සන්ධානයක් ලෙස තරග කිරීමට තීරණයක් ගෙන ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවති සියලු සාකච්ඡා මේ වන විටත් අවසන් බවයි වාර්තා වන්නේ.
ඒ පිළිබඳ අවසන් තීරණය පක්ෂ දෙකේ නායකයින් ගැනීමට නියමිත බවත් වාර්තා වෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාද පැවසුවේ ඉදිරි මැතිවරණවලදී පක්ෂ දෙක එක්ව කටයුතු කරන බවයි.
"ඊළඟ මැතිවරණයට අපි යන්නේ සමගි ජන බලවේගයයි එක්සත් ජාතික පක්ෂයයි එකතු වෙලා. ඒක දැන් තීරණය කරලා ඉවරයි. වෙලාව අපි ඉස්සරහට කියන්නම්. සන්ධානයක් හැටියට තරඟ කරන්න සිද්ධ වෙයි. සන්ධානයක් විදිහට වැඩ කරයි. මම හිතන්නේ රටේ ජනතාව දන්නවා එක්සත් ජාතික පක්ෂයයි අපි එකතු වුණාම අනිවාර්යයෙන් ජයග්රහණය කරනවා."




