Published
හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා සැක සහිත ලෙස මිය ගොස් තිබෙනවා.
බම්බලපිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් තුළ තිබී ඔහුගේ සිරුර සොයා ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඔහු ගෙලවැලලාගෙන සිය දිවි හානි කර ගෙන ඇති බවටයි සැක පල කෙරන්නේ.
මියයන විට ඒ මහතා 57 වන වියේ පසු වුණා.
2014 වසරේ දී හම්බන්තොට මහ නගර සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදුනු ඒ මහතා නගරාධිපති ධුරයට පත්වූ අතර, 2018 වසරේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ද සහාය ඇතිව දෙවන වරටත් හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ධුරයට පත්වුණා.
ඔබ හෝ ඔබ දන්නා අයෙකු දැඩි මානසික පීඩනයකින් පසුවන්නේ නම් සහ උපකාර අවශ්‍ය නම්, ජාතික මානසික සෞඛ්‍ය හදිසි ඇමතුම් අංකය වන 1926 අංකයෙන් ක්ෂණික සහාය ලබා ගත හැකියි.




