නාවලපිටිය, රඹුක්පිටිය, කැන්දෝපිටිය, වැලිගම්පොල ඇතුලු ප්‍රදේශ රැසක නිවෙස් බිඳ රන්භාණ්ඩ හා මුදල් සොරකම් කල සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවලපිටිය කැන්දෝපිටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි එක්දරු පියෙක් වන ඔහු ''ටික්කා'' යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වන බවයි පොලීසිය පැවසුවේ.

ඔහු තදින් අයිස් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවකු වනවා. නිවාස 08ක් බිද ලක්ෂ 35කට ආසන්න රන් භාණ්ඩ, රුපියල් 40,000 කට ආසන්න මුදලක් හා ජංගම දුරකථන 04ක් ඔහු විසින් සොරාගෙන ඇති බව විමර්ෂණවලදී හෙළිවි තිබෙනවා.

සොරාගත් රන් භාණ්ඩ ඔහුගේ නිවස ආසන්නයේ වළ දමා තිබියදි සොයාගත් බව නාවලපිටිය පොලීසිය පැවසුවා.