Published
කල්පිටිය, පාලකුඩාව ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම ගැබිණි කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 26ක් වූ පාලකුඩාව ප්රදේශයේ පදිංචිකාරිණියක් බවයි පොලීසිය පැවසුවේ.
ඇය සිය ස්වාමි පුරුෂයාගෙන් වෙන්ව වෙනත් පුද්ගලයෙකු සමඟ ජීවත්ව සිට ඇති අතර පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් අනියම් පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කළ පොලිස් විමර්ශනවලදි අනාවරණ වී තිබෙනවා.
එම ඝාතනය සිදුකළ වයස අවුරුදු 36ක් වූ සැකකරු අත්අඩංගුවට ගත් බවයි කල්පිටිය පොලීසිය පැවසුවේ.




